කඳාන, බටගම ඇවරිවත්තේ පිහිටි සැකකටයුතු නිවසක් කඳාන පොලීසියට ලද තොරතුරක් අනුව කඳාන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරික්ෂා කළ බව පොලීසිය සඳහන් කරයි.
එම නිවස එක්තරා අඹුසැමි යුවළක් විසින් මීට මාස 3කට පෙර කුලියට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. ඔවුන් මෙම නිවස අතහැර ගොස් අතර එහි තිබී ගංජා කිලෝ 15ක්, අයිස් ග්රෑම් 15ක් කුෂ් ග්රෑම් 25ක් හා ටී.56 සජීව පතරොම් 8ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.