කඳාන පොලිස් වසමේදී මෝටර් රථයක ගමන් කළ අහිංසක කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අදාළ ඝාතනය කිරීමට පැමිණි මෝටර් රථයද සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු ගල්ඔය, හිඳගල පදිංචි 28 හැවැරදි මොහොමඩ් රහීම් නොහොත් ප්‍රීති යන අය වෙයි. සැකකරු ප්‍රසන්න සමීර නමින් ව්‍යාජ හැඳුනුම්පතකින් පෙනී සිට ඇති බව පොලීසිය පවසයි. සැකකරු අද දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
ඝාතනයට යොදාගත් මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ කුලී පදනම සඳහා යොදාගෙන තිබේ.