කොන්දේසි සහිත දේශපාලන ගමනකට කිසිසේත් තමන් සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අනාගතය භාර ගෙන රට සමෘද්ධිමත් කළ හැකි රට ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස වන තමන් පමණක් බවත් ඔහු සඳහන් කරයි.
ජනතාව ලබා දෙන ජනවරම මගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතා නොකර ජාති ආගම් භේදයකින් තොරව ඒකීය රාජ්‍යයක් ගොඩනැගිම වෙනුවෙන් තමන් යොදවිමට සුදානම් බවත් ඔහු මෙහිදි අවධාරණය කළේය.
වර්තමානයේ රට ගොඩනැගිමට නව චින්තනයක් , නව දර්ශනයක් , නව වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ සඳහා ජවයෙන් ශක්තියෙන් උපරිම සහයෝගය දෙමින් නව පන්නරයක් ලබා දිමට තමන් ඕනෑම මොහොතක සුදනාම් බවත් ඒ සඳහා ඔබ සියලු දෙනා අප වටා රොක් වන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එජාප දිනවිමේ සටනට සජිත් සමඟ පෙරට යන මැයෙන් පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.