හිගුරක්ගොඩ-ඩබ් ඒ පියතිලක
කන්දකාඩු සහ සේනපුර පිහිටි මත්ද්‍රවය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් 19 සදහා ප්‍රතිකාර ලබන ආසාදිතයින් දෙපිරිසක් අතර (21) දින රාත්‍රිෙය් ඇති වු ගැටුමකින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
කන්දකාඩු පිහිටි මත්ද්‍රවය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන ප්‍රතිකාර මධස්ථානයෙන් හමු වු කෝරොනා ආසාදිතයින් 279 දෙනෙකු සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රවය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් 19 සදහා ප්‍රතිකාර ලබමින් සිටි 84 දෙනා සිටින
කන්දකාඩු කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මෙම ගැටුම හටගෙන තිබේ.මෙම ගැටුම සමතයකට පත්කිරිම යුදහමුදාව විසින් සිදු කර ඇති අතර තුවාලකරුවන් යුද හමුදාව විසින් වැලිකන්ද රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මෙම ගැටුමෙන් තුවාල ලැබු තුවාල කරුවන්ගේ තත්වය බරපතල නොවන බවත් එම පිරිස මේ වන විට වැලිකන්ද කොවිඩ් 19 ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකර ලබන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා පවසයි.
උතුරුමැද පළාත් ජේයෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොලොන්නරුව ප්‍රදේශයභාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාශය භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදේස් පරිදි වැලිකන්ද පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බංඩාර මහතා ඇතුළු පොලිස් කාණ්ඩායමක් මේ පිලිබද පරික්ෂණ පවත්වයි.