රූමත් කාන්තාවන් දෙදෙනකු යොදාගෙන රැයක් තිස්සේ මත්පැන් හා මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු සහ එම කාන්තාවන් දෙදෙනා වැලිකඩ රාජගිරිය හෝටලයකදී අද (16දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සාදය සංවිධානය කළ බව කියන අපරාධ රැසකට සම්බන්ධ අධිකරණය මඟහැර වරෙන්තු දෙකක් ලබා ඇති කිරිවත්තුඩුව ප්‍රදේශයේ ආමි අසංක නමැත්තා සැකකරුවන් අතර සිටින බව පොලීසිය කියයි.
අනෙකුත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනා සැපයූ බව කියන බත්තරමුල්ල ප්‍රදේශයේ සම්බාහන ආයතනයක කළමනාකරුවෙක් ද වන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනකු පෙරේදා 15 රාත්‍රියේ සිට කාන්තාවන් දෙදෙනකු ද තබාගෙන මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙමින් සිටින බවට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
හෝටලයේ තෙමහල් ගොඩනැගිල්ල වටලා පරික්ෂා කිරීමේදී කාමර දෙකක මෙම සැකකරුව සිට තිබේ.
සැකකරුවන් සහ සැකකාරියන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.