කාන්තාවන් විදේශගත වීමේදී ලබාගත යුතු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් මණඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කළ ‘සුව දිවියට අරුණැල්ලක්’ වෛද්‍ය කඳවුර සහ ජංගම සේවය ගාල්ල නාගොඩ, ශ්‍රී විජිතාරාමයේදී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය
මේ හරහා නොයෙක් වංචනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම මගින් කාන්තාවන්ගේ හා පවුල්වල ආරක්ෂාවට බරපතළ හානියක් සිදුව ඇති බැවින් එම වාර්තාව ඉවත් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.