වේල්ලවීදියෙන් හමුවූ හිස රහිත කාන්තා මළ සිරුරට අදාළ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
කැළණි ගඟට එම හිස දමන්නට ඇත්දැයි සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
එසේම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට බුත්තලට මොණරාගල බස් රථයකින් ගමන් කර ඇති අතර එයට අදාළ සී.සී.ටී.වී. දර්ශනද මේ වන විට නිකුත් කර තිබේ.
බස් රථය තේ බීම සඳහා පැල්මඩුල්ලේ යම් ස්ථානයක නවත්වා ඇති අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා රාත්‍රී 11.30ට පමණ බුත්තල නගරයෙන් බැස තිබේ.
ඒ අනුව තවදුරටත් සී.සී.ටී.වී. දත්ත හරහා පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.