කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා කාත්තන්කුඩිය ප්‍රදේශයේ තවදුරටත් හුදෙකලා කර තිබූ අවසන් ග්‍රාම සේවා වසම් 10 ද මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.
ඒ කෝවිඩ් මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයාගෙන් ආණ්ඩුකාරවරිය සිදුකල විශේෂ ඉල්ලීමකින් අනතුරුව ය.
හුදෙකලා බවින් ඉවත් කළ ද මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි සෞඛ්‍යාරක්ෂිතව සිය එදිනෙදා ජීවන කටයුතු සිදු කර ගෙන යන මෙන් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.
යම් ලෙසකින් සෞඛ්‍ය නීති රීති වලට අනුගත නොවී කටයුතු කළහොත් යළිත් එම ප්‍රදේශ වලට දැඩි නීති පැනවීමට සිදුවන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.