මෙරට විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අයවලුන්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා කඩිනමින් පිලියම් යෙදීමට රජයක් ලෙස ක්‍රියාකරන බව ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයිම සඳහා Team Hero විසින් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ඊයේ සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඒක්වෙමින් ඔහු මේ බව පැවසීය.
විවිධ ක්ෂේත්‍ර වල රැකියාවන්වල නියැලෙන කාන්තාවන්ගේ විදුවන සේවය පිළිබදව සිහිපත් කරමින් ආරක්ෂක ලේකම්වරයා විදෙස් රටවල සේවය කරන කාන්තා ශ්‍රමිකයින්ගෙන් රටේ ආර්ථිකයට සිදුවන සුවිශාල දායකත්වය පිළිබදවද මෙහිදි අවධාරණය කළේය.
එමෙන්ම ජාතික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරිම සඳහා කාන්තාව දක්වන දායකත්වය පිළිබදවද සිහිපත් කළේය.