ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ කැනඩාව වෙත පැන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මඩකලපුව , ආරම්පති ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
ඔහු අද දින අලුයම 3.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළු වෙත පැමිණි ඔහු , ඉදිරිපත් කළ කළ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳව ගැටලු මතුවූ හෙයින් , එම එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් , එම වීසා බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ද සමග මෙම තරුණයා කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශ සීමා අධික්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදී එම නිනිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරික්ෂාවන් වලදී මෙම කැනේඩියානු වීසා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති එකක් බවට තහවුරු විය .
මේ පිළිබඳව මෙම තරුණයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කළ අතර , එහිදී ඔහුගේ මව විසින් තැරැව්කරුවෙකුට මුදල් ගෙවා මෙම ව්‍යාජ වීසා බලපත්‍රය සකස් කර දුන් බව මෙම නිලධාරීන් හමුවේ ඔහු හෙළිදරව් කර තිබේ .
ඉන්පසුව මෙම තරුණයා අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහු සතුව තිබූ අනෙකුත් ලියකියවිලි ද සමග , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ .