කැනඩාව රටපුරා පාසල් නැවත විවෘත කිරීමට පටන් ගැනීමත් සමග එරට නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී තෙරේසා ටැම් පවසයි.
ඇය පවසන්නේ පසුගිය සතිය තුළ දෛනිකව සාමාන්‍යයෙන් නව ආසාදිතයන් 545ක් වාර්තා වී ඇති බවත්, එය ජූලි මාසයේදී 300ක් පමණ වූ බවත්ය.
අමතර ආරක්ෂණ සඳහා මිලියන ගණනක් ආයෝජනය කිරීමෙන් පසු පළාත් 10න් කිහිපයක්ම මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වරට පාසල් නැවත විවෘත කිරීමට පටන් ගෙන තිබේ. නමුත් මේ සමග ආසාදනවල ඉහළ යෑමක් පෙන්නුම් කිරීම කනස්සල්ලට කරුණක් බව ටැම් පැවසීය.
කැනඩාවේ කොවිඩ්-19 ආසාදිතයන් 135,757ක් සහ මරණ 9,203ක් මේ වනවිට වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.