අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් ගැන සඳහන් කරමින් බෞද්ධ හා කතෝලික ආගමික භක්තිකයන් අතර වෛරයක් ඇතිවන ආකාරයට වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හළ කාන්තාවක් අත්අංඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
43 හැවැරිදි එම කාන්තාව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
“අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමාපණානන් ගැන සඳහන් කරමින් විශේෂයෙන්ම බෞද්ධ හා කතෝලික ආගම් හා ආගමික භක්තිකයන් අතර යම් අකාරයක වෛරයක් හා ද්වේශයක් ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැරීම 43 හැවැරිදි කාන්තාවක් අද දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බත්තරමුල්ල ප්‍ර දෙශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම වීඩියෝ පටය මගින් බෞද්ධ භක්තිකයන් හා කතෝලික භක්තිකයන් යම් ආකාරයක ආගමික වෛරයක් ඇතිවන ආකාරයෙන් මුදා හැර තිබෙන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කරනවා.”