මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට අද (18) දින අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ , කාසල්රි , මවුස්සාකැලේ යන ජලාශ වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.
අධික වර්ෂාවත් සමග හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කදුකරයේ ප්‍රදේශ රැසක විදුලි බලයද වරින් වර ඇණ හිටිණ.
පවතින අධික වර්ෂාවන් සමග සෙන් ක්ලෙයාර් ,ඩෙවොන් දිය ඇල්ල , වටවල දොතුළුඇල්ල වැනි දිය ඇලි වල ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.
මේ අතර පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයටත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයටත් පස් කදු කඩා වැටිමේ අවධානමත් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.