පාර්ලිමේන්තුව විසිරිම දක්වා සිදුවු කාරණා සම්බන්ධව සම්පුර්ණයෙන් කථානායකවරයා වගකිව යුතු බවත්, එතුමා කල මේ නින්දිත නීතිවිරෝධි ක්රියාසම්බන්ධව නීති මාර්ගයෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනිමට පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ මහතා මෙසේ අදහස් පල කළේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද මහනුවරදි පැවැති මාධ්‍ය සාකච්ජාවකදිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා.
එතුමා සම්පුර්ණ වැඩපිළිවෙළම අවුල් කලා. ඒ විතරක් නෙමේ එතුමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා තමා මේ විනාසය කරන්න ගියේ.එතුමා ගනුදෙනු කළේ ඊ යු එකත් එක්ක,ඇමරිකානු තානාපතිවරයා එක්ක,ලෝකෙ ඉන්න අනිත් ජාත්‍යන්තරයත් එක්ක තමා මේ ගනුදෙනු කරන්නෙ. කථානායකවරයා ඒ අයව ගෙන්නල ඒ අයගෙ අදහස් විමසනවා .මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසදන්න යන්නෙ ජාත්‍යන්තරයත් එක්ක මේ කථානායකවරයාගෙ හැසිරිම නින්දා සහගත බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
චමිල් රූපසිංහ