නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන් ට විශේෂ පණිවිඩයක් අද සවස නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
විශේෂයෙන් අද රාත්‍රී විශේෂ දේවමෙහෙයන් ලංකාවේ සියළුම දේවස්ථානවලට පැවැත්වෙන බැවින් බැතිමතුන් විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වන හෙයින් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම උසස් පොලිස් නිලධාරීන්ට ලිඛිත උපදෙස් ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
ඒ සඳහා විශාල ජනතාවක් මෙන්ම වාහන විශාල සංඛ්‍යාවක් පැමිණෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම වාහන හැසිරවීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවන ලෙස උපදෙස් ලබා දී ඇත.
එම ආරක්ෂාව අද රාත්‍රී සිට සහ හෙට 25 දවස පුරා සපයන ලෙසත් දේවස්ථාන භාර පියතුමන් , පූජකතුමන් සම්බන්ධීකරණයෙන් එම ආරක්ෂාව සපයන ලෙස හා එම ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව වැඩිදුරටත් එම පණිවිඩයෙන් දැනුම් දුන් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
බිමල් ශ්‍යාමන් ජයසිංහ