අංක 04 දරණ සුරාබදු (සංශෝධන) පනත මගින් කිතුල් ගස් වල රා මැදීම හා එම ගස් වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර රහිතව සිදුකළ හැකි බව දන්වා තිබේ.
එමේ වුවද ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරනය කිරීම සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් දිගින් දිගටම නඩු ලබා ගැනීම සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පනත මගින් බලපත්‍ර ලබාගැනීමක් අවශ්‍ය නොවන බැවින් මින් ඉදිරියට කිතුල් ගස් මැදීම හෝ රා නිස්සාරණය කිරීම සිදුකරන තැනැත්තන්ට එරෙහිව නඩු ලබාගැනීමක් සිදු නොකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ.