රට තුළ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම සඳහා සාකච්ඡා කිරිමට කථානායක කරු ජයසූරිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට සූදානමින් සිටින බව කථා නායක මාධ්‍ය ඒකකය පවසයි.
නිල නොවන මට්ටමේ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේදි පාර්ලිමේන්තුවේ පැවැති අතර එහිදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කිරීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත්වන බවද ඔහු සඳහන් කර තිබේ.
එසේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී ජනපතිවරයා හා සාකච්ඡා කිරිමට කටයුතු කරන බව කථානායකවරයා දැනුම් දී තිබේ.