දඹුල්ල, කණ්ඩලම වැව් රක්ෂිතයේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක අසූචි මිශ්‍ර අපජලය රාත්‍රී කාලයේ කණ්ඩලම වැවට මුදා හරින බව කණ්ඩලම වැව සුරැකීමේ තරුණ පෙරමුණ චෝදනා කරයි.
එහි කැඳවුම්කරු වසන්ත කුමාර හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් රාත්‍රී කාලයේ මාධ්‍යවේදීන් ද රැගෙන වැව් ඉස්මත්තේ මෙම අපජලය වැවට මුදාහරින ස්ථානයට ගොස් මේ බව පෙන්වාදීමද සිදු කෙරුණි.
අදාළ සංචාරක හෝටලයේ පල්දෝරු පද්ධතිය වැව් රක්ෂිත සීමාවේ පිහිටා තිබෙන බවත් වැසි සමයේ වැවට ජලය ගලා එන ඇළ මාර්ගයකට අසූචි මිශ්‍ර අපජලය රාත්‍රී කාලයේ මුදාහැරීම සිදු කරන බව වසන්ත කුමාර මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය මක මේ වන විට වැවේ ජලය අසූචි විශාල වශයෙන් මිශ්‍ර වී තිබෙන බවත් පල්දෝරු පද්ධතියට යොදන රසායනික ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් රහසිගතව මෙම ක්‍රියාවලිය සිදු කරන බවද ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳ මහවැලි අධිකාරියට දැනුම් දුන්නද මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වසන්ත කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කාංචන කුමාර ආරියදාස