මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව ඊයේ දීන රාත්‍රියේ සිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
07 වන දින උදෑසන අඟල් 10 ක පමණ ප්‍රමාණයක් කණ්ඩලම වැවෙන් වානේ ජලය ලෙස පිටවන බවත් තප්පරයකට ඝන අඩි 600ක් පිටවන බවත් මහවැලි තාක්ෂණ ඉංජිනේරු එම් .එච් .එන් .ආර් .බණ්ඩාර මහතා පැවසිය .
මේ නිසා දඹුල්ල සිට වෑවල වැව දක්වා ධාවනය වන මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ.
කණ්ඩලම ජලාශයෙන් පිටවෙන වාන් ජලය මිරිස්ගොනිය ඔය හරහා කලා වැවට ලැබෙන අතර මේ වන විට කලාවැවේ ද වාන් දොරටු කිහිපයක්ද විවෘත කර තිබෙන බව මහවැලි නිලධාරීහු පවසති.
කණ්ඩලම ජලාශයට බෝවතැන්න ජලාශයෙන් විශාල වශයෙන් ජලය ලැබෙන බවත් මේ වන විට ණ්ඩලම ජලාශයේ සොරොව්ව දෙකම විවෘත කට ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීම සිදුකරන බවත් මහවැලි නිලධාරීහු පවසති.
කාංචන ආරියදාස