කොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගරු මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ අද (23) පැවති විශේෂ රැස්වීමකදී අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.
නාය ගිය මෙම ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සදහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට මෙහිදී අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා ලබා දුන්නේය. තවද මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය විය.
මීට අමතරව, සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හදුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද මාර්ගය හා පිහිටි ගල් පර්වර්තය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුවිය.
මෙම ප්‍රදේශය අධි සංරක්ෂිත ප්‍රදේශයක් බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත කඩිනමින් සංවර්ධන කටයුතු සිදුකළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.