මේ රටේ කඩා වැටි ඇති ආර්ථිකය ශක්තිමත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියාසිටියේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් ඊයේ (12) දින පිදුම් ලැබිමෙන් අනතුරුව නාවලපිටිය නගරයේ දි මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පිළිගැනිමේ උත්සවයකින් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා ,
ජනාධිපතිතුමා මට විශාල අමාත්‍ය ධුරයක් ලබා දුන්නා කෘෂිකර්ම අමාත්‍ය ධුරය. මේ රටේ මිනිස්සු 70% ජිවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. කොරොනා සමයේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ ඉහල යාමක් අපි දැක්කා. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා මේ රට කෘෂිකාර්මික රටක් බවට පත් කරන්න.
මම නාවලපිටිය හැදුවේ මේ වගේ ලොකු අමාත්‍යංශ තියාගෙන නෙවෙයි. ජනාධිපතිතුමා මට ලබා දුන්න අමාත්‍යංශය යටතේ හැම පවුලකටම මම උදව් කරනවා. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට මේ රටේ ජනතාව විශාල වරමක් ලබා දිලා තියෙනවා , 2/3 බලයක් ලබා දිලා තියෙනවා.
අන්තවාදි දේශපාලන පක්ෂ , එක්සත් ජාතික පක්ෂය ගෙදර යවලා තියෙනවා. රටේ සමස්ත ජනතාව ජනාධිපතුමා සහ අගමැතිතුමා කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා. කඩා වැටිලා තියෙන රට , ආර්ථිකය , සංවර්ධනය අපි ගොඩ ගන්නවා යනුවෙන් පැවසිය.
