තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ තුළ සිදුවූ වෙඩි තැබිමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එසේම එම ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය ඊයේ පස්වරුවේ බෙලිඅත්ත ප්රදේශයේ පොල්වත්තක කාණුවක් තුළ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩගුවට ගත් සැකකරුගෙන් කළ ප්රශ්ණ කිරීම් මත මෙම යතුරු පැදිය සොයාගෙන ඇති අතර ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිකරුවන් භාවිත කළ ආරක්ෂක හිස් වැසුම් දෙකක් පුළුස්ස තිබියදි සොයාගත් බවත් පොලීසිය පවසයි.
අද දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මෙම ඝාතනය සඳහා ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත. කුඩාවැල්ල ධීවර වරායේ පසුගිය දෙසැම්බර් මස 25 දා සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4ක් මිය ගිය අතර තවත් 8 දෙනෙක් තුවාල ලැබීය.