කුඩාවැල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
රෝග තත්ත්වයක් හේතුවෙන් මෙම තරුණිය පසුගිය 9 වැනිදා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර එදින ඇය පීසීආර් පරීක්ෂණවලට යොමු කර තිබිණි. ඇයගේ පළමු පීසීආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ඇතැයි හඳුනාගෙන නොමැති අතර 11 වැනිදා සිදුකළ දෙවැනි පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව ඇය කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබිණි.