කඩුවෙල මහනගර සභාවේ සේවයේ නියුතු රියදුරකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද වාර්තා වූ බව කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පැවසීය
ඒ අනුව කඩුවෙල මහනගර සභාව අද පැය කිහිපයකට තාවකාලිකව වසා දමා සම්පූර්ණ විෂබීහරණයට ලක් කොට සාමාන්‍ය රාජකාරි ආරම්භ කළ බව ද නගරාධිපතිවරයා වැඩිදුරටත් කීය.
කඩුවෙල නගරයෙන් අහඹු ලෙස තෝරාගත් 235 දෙනෙකු ඉකුත් 7දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර ඉන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද වාර්තා වී තිබුණි.
ඒ අතර කඩුවෙල නගර සභාවේ රියැදුරකු ලෙස සේවය කරන කඩුවෙල පිට්ටුගල ප්‍රදේශයේ පුද්ගලයකුටද වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී තිබු අතර ඔහුගේ නිවෙසේ පදිංචි ආශ්‍රිතයින් 8 දෙනෙකු ස්වයං නිරෝධායනය ට ලක් කිරීමට පියවර ගත් බව නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පැවසීය.
ඒ අනුව කඩුවෙල සහ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ දෙකෙහි කොරෝනා වෛරසය ආසාදනය වූ 232 වාර්තා වී ඇති අතර ,ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයින් 734 දෙනෙකු ගෘහස්ථ නිරෝධානයට ලක් කර ඇති බවද පැවසේ .
මෙසේ වෛරසය ආසාදනය වූවන් කඩුවෙල, නවගමුව, හේවාගම, බත්තරමුල්ල, කොතලාවල ,අතුරුගිරිය, රණාල ,හෝකන්දර, කොරතොට,මාලබේ, වික්‍රමසිංහපුර, තලවතුගොඩ ,තලාහේන සහ කලපලුවාව යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් කීය.