මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (20) ආරම්භ වූ අතර එම කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් සිදුකිරීමට නියමිතය .
එම කටයුත්ත සඳහා රුපියල් ලක්ෂ 28 ක මුදලක් වැය වනු ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන අතර එම මුදල් ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් අයකර ගැනීමට නියමිත බව ද පවසයි .
එම ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිළිබඳව මේ මේ වන විට ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බැවින් ගොඩනැගිල්ල සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් සාම්පල ලබා ගැනීමේ අවශ්‍යතාවය මත ගොඩනැගිල්ලේ සුන්බුන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට සිදුවන බවද ආපදා කලමණාකරන අමාත්‍යාංශය කියයි .
ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගිල්ලේ හිමිකරු වූ අනුර ලෙව්කේ මහතාගේ ඥාතින් පිරිසක් ද ඊට එකතු ව සිටියහ .
ෂේන් සෙනෙවිරත්න