ආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත්බිමේ පිහිටි කඩොලාන ව්‍යාපෘතියේ කඩොලාන පැල ගැලවූ බවට සැකකරන පුද්ගලයින් සිව් දෙනෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඞී. ඒ. බුද්ධදාස මහතා එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ එක්අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පොලීසියට නියෝග කළේය.
තවද විනිසුරුවරයා ඇපකරුවන් හට සෑම ඉරු දිනකම ආරච්චිකට්ටුව පොලිස්ථානයේ පෙ. ව. 9 - 12ත් අතර පෙනී සිටීමට නියෝග කල අතර රැම්සා තෙත්බිමේ පිහිටි කඩොලාන පරිශ්‍රයට ඇතුලූ නොවන ලෙසටත් සාක්ෂිකරුවන් වන අඩවිවන නිළධාරීන් හට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකරන ලෙසත් නියෝග කර සිටියේය.
තවද සිද්ධියට අදාල සියලූ සාක්ෂි ගොනුකර ඒ පිළිබඳව වාර්තාවක් ගරු අධිකරණයට ලබාදෙන ලෙසට පොලීසියට නියෝග කළේය.
මෙසේ එම ඇප නියෝග මත ඇප නියම වූයේ ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ පදිංචි කරුවන් සිවු දෙනෙකි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න