අම්බලන්තොට ප්රදේශය තුළ හෙරොයින් බෙදා හරිනු ලබන ප්රධාන සැකකාරිය වන කුඩු ලොකු අම්මා නැමති කාන්තාව අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය අත්අඩංගුවට පත්වන විට හෙරොයින් හා එම ජාවාරමෙන් උපයාගත් බව පැවැසෙන රුපියල් 435000කට අධික මුදලක්ද සොයාගෙන ඇත.
සැකකාරිය මිට පෙර අවස්ථා කීපයකදීම හෙරොයින් ජාවාරම් කිරීම හා විකිණීම යන චෝදනා යටතේ හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව ඇත. මිට මාස 4කට පමණ පෙර සැකකාරිය මාස හතක සිර දඬුවමක් විදීමෙන් අනතුරුව නැවතත් පැමිණීමෙන් පසවු මෙසේ අත්අඩංගුවවට පත්ව තිබේ.
රාහුල් සමන්ත