පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 611ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් 22ක් එළැඹෙන 4 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
දකුණු මුහුදෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231, ඉරාන ජාතිකයන් සමග හොරොයින් කිලෝ ග්‍රෑම් 107ක් හා නැගෙනහිර මුහුදෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 273ක් පිළිවෙළින් සැකකරුවන් 8,9 හා 5ක් සමග අත්අඩංගුවට ගැනිමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය සමත්ව තිබුණි.