කොටවෙහෙර ප්‍රදේශයෙන් දෙවන කොරෝනා වෛරස් ආසාධිතයාත් අද 21 දා වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
එමෙම ආසාධිතයා කොළඹ නැව් තටාකාංගනයේ සේවය කර පැමිණි අයෙකු බවද ,පසුව සිදුකල පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
ඒ අනුව එම පවුලේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම සඳහා පරීක්ෂා කිරීම් මේ වන විට අරඹා ඇති බවද ,ඒ අනුව හඳුනා ගන්නා ආශ්‍රිතයන් සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කීරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
කොටවෙහෙර පළමු ආසාධිතයා වූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවගේ පවුලේ සිවු දෙනාට කෙරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බවද ,එම ආශ්‍රිතයන් 23 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කල බවද ඉන් පස් දෙනෙකුගේ නැවත පී.සී .ආර්.පරීක්ෂණ සිදුකරන ලෙස දන්වා ඇති බවද ,සෙසු 18 දෙනාටම කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තව දුරටත් පරීක්ෂණ සිදු කරයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා