කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුම්පොළට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙයින් දුම්රිය හෝ බස් රථ එම මධ්‍යස්ථාන තුළින් ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවැසීය.
ඒ අනුව එම ස්ථාන වෙත පාගමනින් පැමිණීම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සළකන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.