රුපියල් කෝටියකට අධික වටිනා කේරල ගංජා තොගයක් හා ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරියක් හා යතුරුපැදියක් සමග පානදුර ප්‍රදේශයේ බස්රථ හිමි ව්‍යාපාරියෙකු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (10දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි .
එම සැකකරුවන් සමග පාර්සල් 33ක බහා තිබූ ගංජා කිලෝ හැත්තෑවකට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
බස්රථ හිමි ව්‍යාපාරිකයා මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී ගංජා පාර්සල් 10 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් බොරුපණ ප්‍රදේශයේ හිතවතුන්ගේ නිවසේ සඟවා තිබූ තවත් ගංඡා පාර්සල් 15 ක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.
මීට අමතරව ඉත්තෑපාන ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෙකු භාරයේ තවත් ගංජා තොගයක් සගවා තබාගෙන එකී ප්‍රදේශවල බෙදාහැරීමේ කටයුතු ඔහු වෙත පවරා තිබූ බවත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
එම සැකකරු ද ඒ වන විට ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව කළුතර නගරයේ දී එම ලොරිය නවතා සිදුකළ සිදු කළ පරික්ෂාවේදී කොහුබත් ප්‍රවාහනය කරන මුවාවෙන් ඒ තුළ සඟවා ගංජා පාර්සල් 17 ක් ප්‍රවාහනය කරමින් තිබියදී එම සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ සිට කොළඹ ආර්ථික මධ්‍යස්ථාන වලට භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ වල සඟවා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ප්‍රධාන ජාවාරම්කරු වන බස්රථ හිමි ව්‍යාපාරිකයා වෙත මෙම ගංජා තොග ලබාදීමෙන් මෙම ජාවාරම කාලෙක සිට සිට සිදු කර ගෙන ගොස් ඇති බව එම සැකකරුගෙන් සිදුකළ ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණ කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.