කටුනායකින් කොරෝනා ආසාදිතයන් 62ක්
- 6 06 2021
- 18:02
- {{hitsCtrl.values.hits}} views
- ..
කටුනායක ප්‍රදේශයේ 06/06 දින කොරෝනා ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
ඒ අතරින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 42 දෙනෙකු 06/06 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .
ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,417 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .
එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි 20 දෙනෙකු ද 06/06 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .
ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,521 දෙනෙකු වාර්තා වී තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
