කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට, අද (24දා) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මිලි මීටර් 272.3 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ගුවන් තොටුපළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
අධික වැසි සහිත කාලගුණික තත්වයක් පැවතිය ද , කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ගුවන් තොටුපළ අවට ප්‍රදේශය ඔස්සේ ගලා බසිනා දඩුගම් ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
මේ නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත්වීම සඳහා පැමිණෙන ගුවන් මගීන් , තම ගුවන් යානය පිටත්වීමට පැය 03 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා ගුවන් මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ටී.කේ.ජී. කපිල