කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (20දා) සවස 4.00 ට පමණ ඇති වූ අධික වැසි , දැඩි අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 315 දරණ ගුවන් යානයයි.
ගුවන් යානය සවස 4.26 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට නියමිතව තිබූ නමුත් , ඒ වනවිට ගුවන් තොටුපළ අවට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා , එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමෙන් පසු , සවස 4.38 ට එම ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ . එහි මගීන් 249 ක් සහ කාර්යය මණ්ඩලය 18 ක් සිටිය බැව් මත්තල ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ටී.ෙකේ.ජී. කපිල