කොවිඩ් - 19 වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් රජය ගන්නා වැඩසටහන අනුව ඉතාලිය, ඉරානය, දකුණු කෙරියාව ඇතුළු රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 450 ක් නීරෝධායන කටයුතු සඳහා පිටත් කර යවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මෙම පිරිස පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත බස් රථ 17 කින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගිය බව ද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.