කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
මෙම සේවකයින් පිරිස පසුගියදා සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ 324 ක් අතරින් සනාථ වී ඇති බව ද , මේ තත්වය නිසා ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ ඉතිරි සේවකයින් පිරිස ද කඩිනමින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
වත්තල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳ සැළක සේවය කරන සේවිකාවන් පිරිසක් සීදුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමට සළස්වා තිබූ අතර , ඔවුන් අතරින් 07 දෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
ඊට අමතරව මෙම කොට්ඨාසයේ පදිංචි තවත් එක් අයෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බව 12/20 දින සවස තහවුරු වී ඇති අතර , ඒ අනුව 12/20 දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද කොරෝනා ආසාදිත රෝගීන් 08 දෙනෙකු වාර්තා වී ඇති බව ද සුරේෂ් කුමාර මහතා පැවසීය .
එමෙන්ම 12/19 දින කොරෝනා ආසාදිත බව තහවුරු වූ තවත් රෝගීන් 02 දෙනෙකු ද තවමත් වෛද්‍ය ප්‍රතිකාර සදහා රැගෙන ගොස් නොමැති අතර , ඒ අනුව මෙම කොරෝනා ආසාදිත රෝගීන් 10 දෙනාම 12/20 දිනයේ සවස වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා පිටත් කර හැරීමට නියමිත බව සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .
කටුනායක ටී.කේ.ජී.කපිල