කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා තුනකින් කෝවිඩ් ආසාදිතයින්
- 27 10 2020
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- ..
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තා වුන නෙක්ස්ටි සහ චිප්පේ ඇගලූම් කම්හල් දෙකකට අමතරව කලාපයේ තවත් ඇගලූම් කර්මාන්තශාලා තුනකින් කොරෝනා ආසාදිතයන් අද (27) වනවිට වාර්තා වි ඇති බව සිදුව කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පවසයි.
මේ වන විට සිදුව සහ කටුනායක කොට්ඨාසවලින් කොරෝනා ආසාදිතයන් 325 ක් වාර්තාවි ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.
කටුනායක් නිදහස් වෙළෙද කලාපයෙන් කොරෝනා ආසාදිතයන් ලෙසින් අලුතින් හදුනාගෙන ඇත්තේ ස්මාර්ටි ෂර්ටස්,ඇන්සන් ලංකා,සහ ඩීපීඑල්, යන කම්හල් වලින් බව කටුනායක අයෝජන අපනයන සැකසුම් කලාපයේ ප්‍රදේශිය කාර්යාලයෙන් වාර්තා වේ.
ජාඇල තිස්ස කොටින්කඩුව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
