කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ ආලින්දයන් අද දින දහවල් 12.00 සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එසේම පිටත්ව යෑම සදහා ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන්ට ද අද දින සිට ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළු වීම අත්හිටුවා තිබේ .
එමෙන්ම මහජනතාව සදහා විවෘතව පැවති මහජන ප්‍රේක්ෂක මණ්ඩපය ද මෙයට පෙර ගුවන් තොටුපළ තුළ සිදු කෙරෙන ඉදිකිරීම් නිසා වසා දමා තිබුණි .
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පාලනාධිකාරිය මෙම තීරණ වලට එළඹී තිබේ .