කටුනායක ගුවන් තොටුපොළ වසයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19දා) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
අද අලුයම 3.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර අවසාන වශයෙන් පැමිණි ගුවන් යානය වෙයි.
මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
ගුවන් තොටුපොළින් පිටත්ව යන ගුවන් යානා, සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා කටුනායක ගුවන් තොටුපොළ ක්‍රියාත්මක වෙයි.
-
චමින්ද Saturday, 04 April 2020 03:17 PM
19 coronavirus .විදේශ ගතවුවන් ලංකා වට ගෙන්වාගෙනිමට වෙඩපිලිවලක් සලස්සන්න...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
