කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය
කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම වැලැක්වීම සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත 880 දෙනෙකුට අද දින ලබා දුන් බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
මෙම එන්නත්කරණ වැඩසටහන කටුනායක බෝධිරතනාරාම විහාරථානයේ දී අද දින දවස පුරා පැවති බව ද සුරේෂ් කුමාර මහතා පැවසීය .
එසේම කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් අතර සිටි පිරිමි ආසාදිතයන් පිරිස වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා වරකාපොල මූලික රෝහල වෙත යැවූ බව ද සුරේෂ් කුමාර මහතා පැවසීය .
කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 991 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ද අද දින කොරෝනා ආසාදිත රෝගීන් 03 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළ ඇති කර්මාන්තශාලා 50 ක සේවය කරන 963 දෙනෙකු මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
