(UPDATE) කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක ඇතිවූ ගින්න හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17.2 හා 18.1 කණුව ආශ්රිතව ඇතිවූ ගින්නක් නිසා මතුවූ දුමාරය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුම හා කටුනායක පිවිසුම අතර මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
සීදුව නගර සභා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පවත්වා තිබේ. මේ අනුව පෑලියගොඩ පිවිසුමෙන් කටුනායක අධිවේගයට ඇතුල්වන වාහන ජා ඇල පිටවීමෙන් පිටත්විය යුතු බව පොලීසිය පවසයි.