කොට්ටේ රජමහා විහාරයේ හිමිවරු දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ නඩුවේ අධිචෝදනා පත්ර කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් විත්තිකරුට භාර දුන්නේය.
මීට වසර 08කට ඉහත කෝට්ටේ රජමහා විහාරස්ථානය තුළදී පිහි වලින් ඇණ එම විහාරස්ථානයේ හිමිවරු දෙදෙනෙකු කපා කොටා ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කළ බොරලැස්ගමුවේ ගුණරත්න සහ පිටිගල ජිනසිරි නමැති හිමිවරු දෙදෙනා ඝාතනය කළ බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ එන්.ඒ. සුරේෂ් චානක නමැත්තාය.
2012 මාර්තු මස 03 වැනිදා හෝ ඊට ආසන්න කාලය තුලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්වී කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී එහි වැඩ වාසය කළ හිමිවරු දෙදෙනෙකුට පිහි වලින් ඇන ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මෙම ඝාතන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට සිටි කෝට්ටේ රජමහා විහාරස්ථානයේ බස්නායන නිලමේවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ මංජු ශ්රී මහීකීර්ති නමැත්තා රිමාන්ඩ් භාරයේ රදවා සිටියදී වැලිකඩ බන්ධනාගාරය තුළදී ඝාතනය කොට තිබිණි.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්ර විත්තිකරුට බාරදුන් විනිසුරුවරයා නඩුව යළි කැදවීමටද නියම කළේය.