පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
ඊයේ (09) පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න ශ්රිඝයෙන් පැතිර යමින් පවති.
ගින්නෙන් අධිබලැති විදුලි රැහන් පද්ධතියකටද දැඩි බලපැමක් එල්ල වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් පවතින දැඩි සුළං තත්ත්වයත් හමුවේ ගින්න ශ්රිඝයෙන් පැතිර යමින් පවති.
කිසියම් පිරිසක් විසින් මෙම ඉලුක් සහිත රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලීසිය සැකකරන්නේ.
ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරන ලෙසට පොලීසිය මගින් ගොවිපොල භාර නිලධාරින්ට දැනුම් දි ඇත.