හැටන් කොටගල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් සිවුදෙනෙකු හමුවිමත් සමග එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන්ගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තාවන් ලබා ගැනිම කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (31) දින සිදු කලහ.
පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවය කල සේවකයන් දෙදෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම රෝගින් සිවුදෙනා කන්දකාඩු සහ අම්පාර නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.
එම ආසාදිතයන් පදිංචිව සිටි හැටන් කොටගල රොසිටා සහ ඩ්‍රෙටන් යන වතු වල රෝගින්ගේ ඥාතින් ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර එසේ ස්වයං නිරෝධානයට යොමු කල ආශ්රිතයන්ගේද පි.සි.ආර් පරික්ෂාව අද දින සිදු කෙරිණ.