හැටන් කොටගල ග්‍රේටන් සහ රොසිටා වතුයායේ හමුවු කොවිඩ් 19 අසාදිතයන් දෙදෙනා සහ තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයේ හමුවු කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගියා කන්දකාඩු යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට කොටගල සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (26) දින කටයුතු කළහ.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රොගින් තිදෙනාම පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවය කර තම නිවාස වලට පැමිණ සිටියදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම සේවකයින් තිදෙනා සහ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු කර එම සේවකයින් තිදෙනාගේ පි.සි.ආර් වාර්තාවක්ද ලබාගෙන තිබුණි.
ලබාගත් පි.සි.ආර් වාර්තාව අනුව එම සේවකයින් තිදෙනාට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග එම රොගින් තිදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පියවර ගැණින.