කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ එකම පවුලේ හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් පුලියාවත්ත ප්‍රදේශයේදි හදුනාගත් කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන් කිරිමෙන් පසු මෙම කොවිඩ් ආසාදිතයන් හදුනා ගත් බවත්ය.
මෙසේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් මෙසේ හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්