කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයට අයත් කටුගොඩ ප්‍රදේශයේ තොරාගත් ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සංචරණ සිමා පැනවිමට කටයුතු කරඇති බව ගාල්ල වරාය පොලීසිය පවසයි.
කටුගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 14 දෙනෙකු වාර්තාවීමත් සමග එම ප්‍රදේශයේ මාර්ග බාධක 03ක් යොදා සංචාරණ සීමා පැනවීමට කටයුතුකර ඇති බව ගාල්ල වරාය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතා පැවසිය. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 07ක් සඳහා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබුණි.
ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කොට දංගෙදර සමගිවත්ත ප්‍රදේශයේ සංචරණ සීමා ලිහිල්කළ බවයි. එමෙන්ම දේදුගොඩ ප්‍රදේශයේ දමා තිබු මාර්ග බාධකයක් ඉවත් කළ බවත්, මිලිද්දුව ප්‍රදේශයේ මාර්ගය වසා තිබු ස්ථානයක් තව ඉදිරියට ගත් බවද හෙතෙම පවසයි. දංගෙදර නැගෙනහිර ප්‍රදේශයට අයත් මොරගොඩ පාලම අසල දමා තිබු මාර්ග බාධකය වෙනස් කිරිමට ලක්කළ බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
“ගාල්ල නාගරික බල ප්‍රදේශයේ දැනට පනවා ඇති ග්‍රාම නිලධාරි වසම්වල සංචරණ සිමා මෙම මස 18 දා රාත්‍රි 12.00 දක්වා ක්‍රියාත්මක වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට යාම සඳහා පැයක පමණ සහන කාලයක් ලබාදිලා තියෙනවා. දැනට මෙකී ප්‍රදේශවල මාර්ග බාධක 14ක් පමණ පොලීසිය මගින් දමා තියෙනවා. පොලීසිය හා සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට එවායේ වෙනස්කම් කළා.” යැයි නගරාධිපතිවරයා පැවැසීය.
නොවැම්බර් මස 30 දා සිට ඊයේ (16) දින දක්වා ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 117ක් දෙනෙකු වාර්තා වී තිබේ.