කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟතා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 10ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරු මීට මාස දෙකකට පමණ පෙර විදේශයන්ට පළා යාමට උත්සාහ දරණ අවස්ථාවක කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහුගෙන් මීට ඉහතදී කළ ප්‍රශ්ණ කිරීම්වලදී ගිනි අවි 4ක්ද සොයා ගැනීමට පොලීසිය සමත්විය.
සැකකරු තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරයි.