වව්නියාව පූවර්සන්කුලම් චෙක්කඩිපිලව් ප්රදේශයේදී යුද සමයේ කොටි සංවිධානය විසින් වල දමන ලද රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පිරිසක් ඊයේ (27) දින වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය කියා සිටියේය.
වව්නියාව පූවර්සන්කුලම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව චෙක්කඩිපිලව් කුංජිකුලම් වෙල් යායක අදාළ සැකකරුවන් විසින් කොටි සංවිධානය වලදැමුවේ යැයි සැක සහිත ස්ථානයක රත්තරන් සෙවීමේ උපකරණද සමගින් පොළව හාරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරුවන් පළා ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී පොළවයට රත්තරන් සෙවීමට හැකි ස්කෑනර් යන්ත්රයක් ඇතුළු සන්නිවේදන උපකරණ කිහිපයක්ද පූවර්සන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දිනයේදී වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.