මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින චරිත් සඳකැලුම් නොහොත් රං මල්ලි නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක් කෝටි 39 ලක්ෂයක මුදලක් හොමාගම හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස වල දමා තිබියදී සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම මුදල් සැඟ වූ බව කියන රන් මල්ලි නමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පුද්ගලයා කොට්ටාව ප්‍රදේශයේ ක්ෂණික ආහාර (pizza hut) පිළියෙල කරන ස්ථානයක සේවය කරන්නෙක් බවත් බවත් පොලිසිය කියයි.
ඉකුත් මැයි මාසය අග භාගයේ දී බෝට්ටු මගින් මෙරටට ඒවා දකුණු මුහුදු තීරයේ දී ගොඩ බෑ බව කියන හොරෙයින් මත්කුඩු කිලෝ 298 ක් සහ ගිනි අවි විස්සක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් බෝට්ටු ක්‍රියාකරු ලෙස කටයුතු කළ පපියා සමග පුද්ගලයන් හත් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම මුදල් තොගය සොයා ගත් බව පොලිසිය කියයි.
ඩුබායි රටෙි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ සමීපතමයෙක් වන චරිත් සඳ කැලුම් නොහොත් රන්මල්ලි මහතාගේ බිරිඳගේ සහෝදරයා පදිංචි කුලී නිවස අසල මුදල් වළ දමා ඇති බවට ලද තොරතුරු අනුව එකී මුදල් තොගය සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ